2024 – 2025 වසර සදහා ශ්‍රී පාද වන්දනා වාරය අද ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව වැඩම කෙරුණා.
මේ අතර ශ්‍රී පාද වන්දනා සමයේදී බැතිමතුන් ක්‍රියා කළ යුතු ආකාරය සඳහන් කරමින්රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනවෙන් කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුල් කිරීම නොකළ යුතුයි.
ශ්‍රී පාද වන්දනා සඳහා වෙන් කර ඇති ප්‍රධාන මාර්ග ලෙස පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගය භාවිත කළ හැකි බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන නම් කර ඇති ආරක්ෂිත ස්ථානවලදී හැර වන්දනාකරුවන් දිය නෑම හෝ රෙදි සේදීම නොකළ යුතු වනවා.
ලිහිණිහෙළ, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීත ගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන ස්ථාන නවාතැන් ලෙස භාවිත කළ හැකි බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කෙරෙන නෙත් ශ්වේත පූජා වැඩසටහන නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද දවස පුරා ප්‍රචාරය කෙරෙනවා.
