Spread the love

ඉන්දියාව ඇති දැවැන්ත කැසිනෝ සංචාරක වෙළඳපොළ වැනි ආකාරයේ සංචාරක වැඩපිලිවෙලක් මෙරටත් ඇති කල යුතු බව සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ පවසයි.

අද වන විට වියට්නාමය, කාම්බෝජය වැනි රටවල් එම සංචාරකයන් ආකර්ශනය කර ගනිමින් ඇති බව ද ඔහු සදහන් කරයි.

මෙරට පුරවැසියන්ට යම් යම් නීති රීති පනවමින් සංචාරකයන් සඳහා මෙවැනි අවස්ථා නිර්මාණය කළ යුතු බවත් සංචාරක කර්මාන්තය ඔස්සේ මුදල් ඉපයීමට හැකි වන්නේ එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ බවත් ඒ මහතා තව දුරටත් කියා සිටී.

රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

Audio Player