Spread the love

ත්‍රිකුණාමලය ඇලොස්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැති සාදයක් අවසන් වී ඊයේ (3දා) ආපසු ගමන් කරමින් සිටි කල්ලි දෙකක් අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක් අතරතුර පුද්ගලයකු පිහි ඇනුම් පහරකට ලක්ව මියගොස් ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ ක්‍රිෂ්ණා පටුමගේ පදිංචි ටී.එච්. විනෝද් නමැති 33 හැවිරිදි තරුණයෙකි.

හෝටලය තුළ වූ මත ගැටුමකින් අනතුරුව මෙම ගැටුම සිදුව ඇති අතර සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මියගිය අය හා පහරදුන් අය අතර පැවැති පරණ කොන්තරයක් මෙම ගැටුමට මුලික වී ඇතැයි දැනගන්නට ඇත. පිහි පහර කා බීම වැටුණා පුද්ගලයාගේ හිසට ගලකින් ද පහරදී ඇති බවට ද තොරතුරු අනාවරණය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වැඩ බලන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී වන්දන බස්නායක මහතාගේ නියෝග මතත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට නියමිතබවද පොලිසිය