Spread the love

ඇල්ල ප්‍රදේශයේ සංවාරය සඳහා පැමිණ සිටි බව කියන ඉතාලි ජාතිකයකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලය ඉදිරිපිට මියගොස් සිටියදී හමු වූ බව ඇල්ල පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ ඉතාලි ජාතික 49 හැවේ.

Caponeri Andrea නමැත්තකු බවට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මඟින් හඳුනාගෙන ඇත.

මොහු ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණිමෙන් අනතුරුව ඇල්ල නගරයේ සිසිලියා පාර පිහිටි සංචාරක නිවාඩු නිකේතනයක රැඳී සිට ඇති අතර, 04 උදෑසන 8.30ට පමණ එම හෝටලය ඉදිරිපිට වැටී සිටියදී සිදු කළ පරීක්ෂාවේදී ඔහු මියගොස් ඇති බවට තහවුරු කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

පොලිසිය තවදුරටත් කියා සිටියේ, මේ පිළිබඳව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මියගිය අයගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බණ්ඩාරවෙල ෂෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිඒ කළුපහන මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය විසින් සිදු කිරීමට නියමිතය.