Spread the love

පවතින උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් සතුන්ට දැඩි බලපෑම් එල්ලවී ඇතිබව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසීය.

අධික උෂ්ණත්වය හේතුවෙන් ගතවූ වසර 75 තුළ ලෝකය පුරා උභයජීවී විශේෂ 35ක් වදවීගොස් ඇතිබව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

ඉන් 21 ලංකාවට ආවේණික විශේෂ වෙයි.

මේවන විට පවතින උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් ලදු කැලෑ වියළි ගොස් තිබේ.

ඒවා ගිනි ගැනීමේ අවධානමක පවතින බව පැවසීය. වනජීවින්ට පානීය ජල ගැටලු මතුව තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුව මෙම සතුන් රැකගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කර යුතු බව වැඩිදුරටත් පැවසීය.