Spread the love

නාගොඩ -සුමන

එක්සත් ජනපද නාවික හමුදාව ,එක්සත් ජනපද මැරින් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව පවත්වන සමුද්‍ර අභ්‍යාස අද (22) ආරම්භ කොට 26 වැනිදින දක්වා ත්‍රිකුණාමලයේදී පවත්වන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

අභ්‍යසය සඳහා එක්සත් ජනපද බල ඇණි,ත්‍රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම,නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ප්‍රවීනත්වයක් දක්වන එක්සත් ජනපද මැරීන් බලකායේ විශේෂ ඒකකයක් සම්බන්ධ වෙයි.

එක්සත් ජනපද කාර්‍ය මණ්ඩලයේ 70 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙවර 05 වැනි වරට සමුද්‍ර අභ්‍යසය පැවැත්වෙයි.

එය නිදහස් සහ විවෘත්ත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාමට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ ඇති පොද කැපවීම සහ ශක්තිමත් හවුල් කාරීත්වය පිළිබිඹු කරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් ගාල්ල –