Spread the love

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඒ අනුව ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර් ආරක්ෂණය සම්බන්ධ රෙගුලාසි දැඩි විය යුතු බවයි එහි ජ්‍යෙෂ්​ඨ ​තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සඳහන් කළේ.

මේ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන ආයතනයක් පිහිටුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.