නිමල් රාජපක්ෂ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඊට සමගාමීව තම අමාත්‍යංශය මගින් ” සරණ ”නමින් උපකාරක සේවාවක් ආරම්භ කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් හට නඩත්තු ඉල්ලීම පිළිබඳ ඕනෑම අවස්ථාවක ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට තොරතුරු 0707 89 88 89 වට්ස් ඇප් අංකය ඹස්සේ ලබා දිය හැකි බවද ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
මීට සමගාමීව අද (16) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිළවශයෙන් වට්ස් ඇප් අංකය ජනගත කිරීම සිදු කෙරිණ.
වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීපව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක්ද මෙහිදි සිදු කෙරිණ.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් හේමා පෙරේරා මහත්මිය, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු අමාත්‍යංශීය නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.
