පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් හෝමාගම ප්‍රදේශයේ හෝටලයක පැවත්වා තිබු අතර එහිදි දෙපිරිසක් අතර සිදුවු ගැටුමකදි බේරිමට ගිය හෝටල් සේවකයින්ටත් පහරදි හෝටලයටද අලාභ හානි සිදු කල සිසුන් 11 කු හා සිසුවියක් හෝමාගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුවීම පොලීසියට දැනුම්දීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගැනීමත් සමග හෝටලයේ බිල්පත් සඳහා මුදල් නොගෙවා එම ස්ථානයෙන් පළායෑමට සිසුන් උත්සහ කර තිබේ.
හෝටලයේ සේවකයින් ඒ වනවිටත් එහි ගේට්ටු වසාදමා තිබීම නිසා සිසුන් තාප්පයෙන් සහ ගේට්ටුවෙන් පැන පළායන ආකාරය වීඩියෝවල දැක්වෙයි.
එම අවස්ථාවේ එක් සිසුවෙක් මෝටර් රථයකින් හෝටලයේ ගේට්ටුව කඩාදමමින් ඊට ඇතුළු වන අයුරුද කැමරාවල සටහන්වී තිබේ.
එහිදී ඔහු හෝටලයේ සේවකයෙකු අනතුරට ලක්කරන ආකාරයද සීසීටීවී කැමරාවේ දැක්වෙයි.
අනතුරුව ඔහු හෝටලය තුළ තිබූ ඔවුන්ට අයත් වාහන කිහිපයක් සමග පිටව ගොස් තිබුණි
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 11ක් සහ ශිෂ්‍යාවක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණි
