Spread the love

කටුගස්තොට පාසලක සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටි සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සැකපිට සිසුන් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙකි.

පසුගිය 06 වනදා සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින අතරතුරදී සැකකාර සිසුන් විසින් අදාළ සිසුවාට සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් සිසුන් පිරිස මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කටුගස්තොට පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.