‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ඊයේ (23) රාත්‍රියේ සිට ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊ්යේ (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.
“මේ වනවිට ලක්ෂ 4කට අධික පිරිසක් මහනුවර නගරයේ සහ ඒ අවට පැමිණ සිටිනවා. ඒ අනුව දිනකට ලක්ෂයට සිරි දළදා වන්දනාවට අවස්ථාව ලබා දුන්නත්…දැනට ඉන්න පෝලිම අවසන් වෙන්න තවත් දින තුනක් ගතවෙනවා.
ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා අද සහ හෙට දින දෙකේ පැමිණීමෙන් වළකින ලෙසට.
අපි ඊයේ සිට පෝලිමේ සිටින අයවලුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු කරනවා.
ඒ අනුව පළවෙනියට ආපු මහජනතාවට පළමුවෙන්ම දළදා වහන්සේ වැදපුදාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළ අදට සිට ක්‍රියාත්මක වෙනවා” ඔවුන් දෙපළ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
