Spread the love

ගාල්ල, හබරාදුව තල්පේ මුහුදේ දියනාමින් සිටි සිසුන් හය දෙනෙක් අද (10) පස්වරුවේ මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙහිදි සිසුන් 5 දෙනෙක්ව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බේරාගෙන ඇති අතර එක සිසුවෙක් අතුරුදන්ව තිබුණි.

දියේ ගිලී අතුරුදන්වී ඇති සිසුවා කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකි.

කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි සිසු සිසුවියන් පිරිසක් තල්පේ මුහුදුතීරයේ දී මේම අකරතැබ්බයට මුහුණ් දි තිබිණ.