Spread the love

අලුත්ගම දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ පාසල් කාලයෙන් පසු අතිරේක පන්තියකට සහභාගි වීමට පන්ති කාමරයේ සිටි 16 හැවිරිදි සිසුවියකට පාසලේම වෙනත් සිසුවකු එල්ල කර ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ සිසුවිය රෝහලට රැගෙන නොගොස් නිවෙසට ඇරලවා ඇති අතර මව්පියන් තුවාල සිසුවිය දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වරාපිටිය දර්ගා නගරය පදිංචි එම විදුහලේ 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

සිසුවියගේ තොලට සහ දතකට හානි සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මේ සම්බන්ධයෙන් බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා ගෙන් කළ විමසීමේදී එ මහතා සඳහන් කළේ පාසලේදී අතිරේක පන්තියට සහභාගි වී සිටියදී ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුවියව ප්‍රතිකාර සඳහා රෝහල් ගත නොකර නිවසට යැවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසන බවත් මින් ඉදිරියේ දී එවන් තත්වයන්ට සිසු දරු දැරියන් මුහුණ නොදිය යුතු බවත් කිය.