Spread the love

බීමතින් සිටියදී පාසැල් ළමුන් රැගත් ‘සිසුසැරිය’ බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) දහවල් කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුපොත නගරයේ ‘සිසුසැරිය’ බස් රථයක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති බවත්, ඉන්පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස් රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති බවද සඳහන්.

එලෙස අත්අඩංගුවට ගත් රියැදුරු අවුරුදු 52ක්වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.