නිමල් රාජපක්ෂ-
මප/කටු/ගෝනිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ නව බුදුමැදුරෙහි නේත්‍රා තැබීම අද පෙරවරු 9.39 ට යෙදුණ සුභ මොහොතින් සිදු කෙරිණ.

පරිත්‍යාග ශීලින්ගෙන් ,දෙමාපියන්ගෙන් හා ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලද මුදල් ප්‍රතිපාදන මත රුපයල් ලක්ෂ හයක වියදමකින් මුල් අදියෙරේ බුදු මැදුරේ වැඩ නිමකර විවෘත කළ බව විදුහල්පති පද්මසිරි පුෂ්පකුමාර රත්නායක මහතා පැවසුවේය.

මහනුවර කටුගස්තොට පැවැති මෙම පාසලේ 6 වසරේ සිටි13 වසර දක්වා පාසල් දරුවන් 550 ක් පමණ අකුරු කරනු ලබයි. ප්‍රථම අදියර වශයෙන් බුදු මැදුර ඉදිකළ අතර සියළු වැඩ නිමකිරීම සදහා තවත් ලක්ෂ තුනක පමණ මුදලක් වැය වන බවද විදුහල්පතිවරයා පවසයි.
වීඩියෝව නරඹන්න subscribr කරන්න
මෙම බුදු මැදුර ඉදිකිරීම සදහා ඇපකැපවි ශ්‍රම දායකත්වය ලබා දුන් විශ්‍රාමික විදුහල්පති ආර්.දසනායක මහතාටත්,එම මහත්මියටත් , දෙමාපියන් ,ආදශිෂ්ය ශිෂ්‍යාවන් හා පරිත්යාල ශීලින්ටත් විදුහල්පති පද්මසිරි පුෂ්පකුමාර රත්නායක මහතා සිය ස්තුතිය පුද කළහ.


