නිමල් රාජපක්ෂ
අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාව, සෙට්ටිකුලම් ප්රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මැදවච්චිය මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම් ප්රදේශයේදී ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් සහ එහි සිටි පුද්ගලයන් මුදා ගැනීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේ ( 30) කටයුතු කෙරිණි.
ඒ අනුව, ගංවතුරේ සිරවී තිබූ මෝටර් රථය නාවික හමුදා ආපදා රථයක් මඟින් ආරක්ෂිතව ඉවත් කිරීම සිදුකෙරිණි.
