.-
මෙම වර්ෂයේදී සෞඛ්‍ය සේවාව සදහා රුපියල් බිලියන 410 ක මුදලක් රජය වෙන් කර දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්වරයා මේබව ප්‍රකාශ කර සිටියේ ඊයේ දින (10) පස්වරුවේ මහනුවර ජාතික රෝහලේ කළමනාකරණ කමිටුව සදහා සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් .
මහනුවර ජාතික රෝහලට මේ වර්ෂයේ අවශ්‍ය උපකරණ පමණක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1000 ක් රුපියල් බිලියනයක මුදලක් වෙන් කර දී තිබෙන බවත්, එමෙන්ම මහනුවර රෝහලේ අවශ්‍ය ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම සදහා රුපියල් මිලියන 700 අධික මුදල් ප්‍රමාණයක් වෙන් කර දි තිබෙන බවය.
