මහියංගනය මැදයායේ පාසලක විනය බාර ගුරු හාමුදුරුවන් අතුළු ගුරුවරුන් තිදෙනකු සාධයක් පවත්වා අධික ලෙස මත්වී සිටියදී සොයාගත් බව මහියංගනය පොලිසිය කියයි.
එම පාසලේ ගුරු විවේකාගාරය දෙසින් ඊයේ රාත්‍රී දරුවකු කෑ ගසන හඩක් ඇසී ඒ සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.
එම අමතුමට අනුව පොලිස් නිළධාරීන් ගම්වාසීන් සමග අදාල පාසලේ ගුරු විවේකාගාරයට ගොස් පරික්ෂා කිරිමේදී, පාසල් ගුරු නිවාසයක් තුළ හිමි නමක් හා ගුරුවරු තිදෙනකු සාදයක් පවත්වා, දැඩි ලෙස මත්වී සිටිනු දැක ඇත.
දරුවකු හඩන ලෙසට හඩමින් සිට ඇත්තේ අධික ලෙස මත්වී බිම වැටී සිටි හිමිනව බව ද පොලිසිය කියයි.
සිද්ධිය දුටු ගම්වාසීන් කුපිත වී එම පිරිසට ගුටිබැට දීමට සැරදෙද්දී පොලිසිය මැදිහත් වී ඇතිවීමට ගිය උණුසුම් තත්වය පාලනය කර, ආරක්ෂාව හා ප්‍රතිකාර සඳහා අධික ලෙස බීමත්ව බිම වැටී සිටි හිමි නම, මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.
එහිදී වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් වු හිමි නම ඒ වනවිටත් “අඩු රුධිර පීඩනයෙ“න් සිට ඇති අතර, කඩිනමින් රෝහල් ගත කිරිම හේතුවෙන් ජීවිත තර්ජනයෙන් මිදිමට හැකිව ඇත.
හිමිනම මත්වතුර බීමත්ව සිටියේද යන්න පිළිබදවද වෛද්‍ය පරික්ෂණ ද සිදු කිරිමට නියමිතව ඇත.
