නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවක (31) දින දහවල් හටගත් ගින්නකින් ආපනශාලාවේ මුළුතැන්ගෙය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
ගින්නෙන් ආපනශාලාවේ සේවය කල කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති අතර , ගින්නෙන් ආපනශාලාවේ දේපල වලට දැඩි අලාභ හානි සිදු වි ඇත.
නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය දැරි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කිරිමට සමත් වි ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දු විමක් බවට නුවරඑලිය පොලිසිය සිදු කල මුලික විමර්ෂණ වලදි අනාවරණය කරගෙන ඇත.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
