Spread the love

ෆින්ලන්තය අද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ඒ නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙසයි.

රුසියාවේ දැඩි විරෝධය මධ්‍යයේ නේටෝ සංවිධානය ෆින්ලන්තයට සාමාජිකත්වය ලබා දීම විශේෂත්වයක්.

ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රතිචාරයක් ලෙස රුසියාව තම දේශසීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලොව විශාලතම හමුදා එකමුතුව ලෙසයි නේටෝ සංවිධානය සැලකෙන්නේ.