අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවය.