Spread the love

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද, 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (18) පස්වරු 6.00 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවීමෙන් එම නලයට හානිවී තිබිණ.