Spread the love

කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනය ප්‍රමාද වන බව වාර්තා වෙයි. 

මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර ලොකොමොටිව් එන්ජිමක සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදවීම් සිදුවන බව වාර්තා විය. 

අංක 40 දරන දුම්රිය අදාළ ප්‍රදේශයේ පිලිපැනිකට ලක්ව ඇති බව සඳහන්. මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළුව මුහුදුබඩ මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේද දුම්රිය ගමනාගමනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.