77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය.
ඒ අනුව ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.