Spread the love

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස එළි දක්වා ඇත්තේ ˝දුප්පත් රටක් – කටුක ජිවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක්  යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහපොළොව යථාර්ථයක් නොවන පැතුම් මල්ලක් පමණක් බවයි කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙන් අපි දැනට කරගෙන යන සියලු දේ සඳහන් වෙන බවත් දැන් හොඳ ජීවිතයක්, ලස්සන රටක් හදන්න යන්නේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කරපු කණ්ඩායම බවද ඔහු සඳහන් කළේය .