නිමල් රාජපක්ෂ-
වැලිමඩ ඉපිද මොනරාගල ප්‍රදේශයේ පදිංචියට ගොස් විදුරුපොල පාසලෙන් සිය අධ්‍යාපන ගමන් මග අරඹා හුලංදාව කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අකුරු කොට වෙනත් පාසලකින් උසස්පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලට ඇතුළු වි උපාධිය හදාරා මුලින්ම ග්‍රාමීය බංකුවකු කළමණාකරුවකු ලෙස සේවය කළ බව දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ හිටපු කොමසාරිස් නීතිඥ බී.එම් ප්‍රේමරත්න මහතා පැවසුවේය.
ඉන් පසු රජයේ උපාධිධාරී ගුරුවරයකු ලෙස තමන් අකුරු කල හුලංදාව පාසලටම සේවයකිරිීමට යාමට සිදුවීම විශේෂිත සිදුවීමක් විය. මන්ද තමන් අකුරු කල පාසලේම ගුරුවරයකු ලෙස පත්විමක් ලැබීම මහත් භාග්‍යයක් විය . එතැන් සිට වසර දහයක කාලයක් ගුරු වෘත්තියේ නියලි සිට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ බදු නිලධාරියකු ලෙස සේවයට 1993 වසරේ බැදුනේය .
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ සේවයට බැදුණු ප්‍රේමරත්න මහතා විවෘත විභාගයට පෙනී සිට එයින් උසස්වීම ලබා ජේෂඨ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්විය. එනනින්ද නොනැවතුණ ඹහු දේශීය ආදායම් කොමසාරිස් ලෙස උසස්වි ලබා එම තනතුරේ විශ්‍රාම යනතුරු සේවය කළේය. මීට අමතරව නිති විද්‍යාලයෙන් නීතිය හදාරා දැනට නිතිඤවරයකු ලෙස සේවයකරන බවද හිටපු දේශීය ආදායම් කොමසාරිස් නීතිඥ බී.එම් ප්‍රේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.
මෙහිදී ඹහු ආ ගමන් මගේ රසමුසු තැන් කීමටද අමතක නොකලේය.
විඩියෝව නරඹන්න .