Spread the love

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක අද (22) අලුයම 2.30 පමණ ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර, දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.