Spread the love

නාගොඩ සුමන

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා අනිද්දා (24) මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසයි.

ඉරාන ජනාධිපතිවරයාගේ පකිස්තාන සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුවනු ඇතිබව එම මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

උමා ඔය සංවර්ධන වියාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබේ.

2011 වසරේ උමා ඔය බහුකාර්‍ය වියාපෘතියේ වැඩ කටයුතු ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ආරම්භ කෙරිණි.

පසුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ද ඊට යෙදවිය.

ඉරානයට බලපෑ සම්බාධක ඊට හේතුවී තිබේ.

මේ අතර නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අද (22) පකිස්තානයට පැමිණීමට නියමිතයි.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවුවද පකිස්තාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය සංචාරය පිළිබඳ තොරතුරු තහවුරු කළේය.