මාරවිල මුහුදු කටුව වෙරළ තීරයේ කොටස් හිස අත් පා නැති පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබී හමුවීමත් සමඟ මාරවිල පොලිසිය මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
අද දින පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම මළ සිරුරේ හිස, අත් සහ පාද නොමැති බවයි.
නිල් පැහැති කොට කලිසමක් හැඳ සිටි ශරීරයේ ඉතිරි කොටස පමණක් හමුවී තිබේ.
මෙම මරණයට හේතුව සහ මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මාරවිල පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරන අතර, මාරවිල වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් මූලික පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇත
