නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්වඊයේ ( 13) මෝදර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය මත්පැන් බෝතල් එක්සිය අසූවක් (180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව මෝදර ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, නීති විරොධි ලෙස විකීනීමට සූදානම් කර තිබු විදේශීය මත්පැන් බෝතල් එකසිය අසූවක (180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ නීති විරෝධි මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි
