නිමල් රාජපක්ෂ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව ඉදිරියේදි මාසයකට මාර්ගයේ ධාවනය වන වාහන දාහක් භෞතිකව පරික්ෂා කරන බව වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.

දැනටමත් මාසයකට වාහන පන්සියයක් භෞතිකය පරික්ෂාවට ලක්කරන අතර රජය ගෙනයන වැඩ සටහනට සමගාමීව මෙම ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.
මීට අමතරව පාසල් දරුවන් හා පොලිස් නිලධාරීන්ද මේ සදහා දැණුවත් කිරිමට නියමිතය. විශේෂයෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් රාජකාරී කිරිමේදී මාක්ස් එකක් පැළදීමට පියවර ගැනීම වඩාත් සුදුසු බව දසුන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය… මන්ද 1995 වසරේදි රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රුධිර සාම්පල් වල කල පරික්ෂාවකදි රුධිරයේ අධික ඊයම් ප්‍රමාණයක් අඩංගු බවට තහවුරු විය. එහි ප්‍රථිපලයක් ලෙස මෙරටට ඊයම් රහිත ඉන්ධන ගෙන්වීමට 2005 වසරේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගැණින.

නමුත් ඩීසල් වාහන වලින් නිකුත්වන වාහන දුමාරයෙන් අති කුඩා අංශු පෙනහලු හරහා ශරීර ගතවීමෙන් රුධිර නාල අවහිර වී අංශ භාගය වැනි නොයෙක් බෝනොවන රෝග වලට ගොදුරු විය හැකියි. මෙහි ප්‍රධානම ගොදුර වන්නේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් බැවින් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළදිය යුතුයි.

තවදුරටත් ප්‍රවාහන ඇමතිවරයාගේ යෝජනාවකට අනුව ට්‍රෆික් ලයිට් කවුන් ඩවුන්ඩ් කරන වැඩ සටහනක්ද වායු විමෝචන භාරකාර අරමුදලේ මුල්ය දායකත්වයෙන් ක්‍රියාත්මකවෙයි. රුපියල් මිලියන 55 මුදලක් ප්‍රමාණයක් යොදවා පළමු වටයේදී වර්ණ සංඥා පද්ධති (ට්‍රැෆික් ලයිට්) 200 ක් අලුත්වැඩියා කරන්න සුදානම් .එම කටයුතු වලින් පසු මංසන්ධි වලදි වර්ණ සංඥා ක්‍රියාත්මකවන තුරු තම යතුරු පැදිය ,ත්‍රීරෝද රථයේ හා මෝටර රථයේ එංජිම ක්‍රියාවිරහිත කර ඉන්ධන ඉතුරු කර ගැනීමට වාහන හිමියන්ට අවස්ථාව ලැබෙන බවත් , මේතුළින් වායු විමෝචනය තුළින් පරිසරයේ සිදු වන හානිය අවම කර ගතහැකි අතර අනතුරු සිදුවීම්ද අඩුවන බවද පැවසෙයි.

මීට අමතරව වායු විමෝචන භාරකාර අරමුදල මගින් ගරාජ්වල සිටින කාර්මික ශිල්පීන් පුහුණුවක් හා ප්‍රතිීතනය කරන්න වැඩසටහනක් අරඹා ඔවුන්ට හරියට කොහොමද එංජිමක් ටියුන් කරනනේ කියන එක පුහුණු කර N V Q.සහතිකයක් ලබා දීමට යෝජනා කර ඇති බවද පවසයි. ඒ අනුව දුම් පරික්ෂාව ෆේල් වුනොත් වාහනය හදා ගන්න නිවැරදි තැනට යාමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙන බවත් වායුවිමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න