Spread the love

රජය විසින් ක‍්‍රියාත්මක ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කර බව වෘත්තීය සමිති නායකයන් සඳහන් කරති.


වරාය, බැංකු, සෞඛ්‍යය, දුම්රිය, ජලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වල වෘත්තීය සමිති හතළිහක් මේ සඳහා එක්වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන්් ජයලාල් මහතා සඳහන් කරයි.
වර්ජනය ආරම්භක දිනය හා කාල සීමාව ලබන 8 වැනිදාට පෙර තීරණය කරන බවද හෙතෙම පැවසීය.

මෙම වර්ජනය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන නමුත් එය ආරම්භ කරන දිනය අඛණ්ඩ වැඩ වර්ජනයක්ද දින කිහිපයකට සීමා කරන වර්ජනයක්ද යන්න පිළිබඳව තවදුරටත් සාකච්ඡා වෙමින් ඇති බව ද හෙතෙම පැවසීය.

ඉකුත් පළමු වැනි දා පැවති වර්ජනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමට හෝ බිය වැද්දීමට ක්‍රියාකරන නමුත් ඒවාට බිය නොවන බව ද හෙතෙම අවධාරණය කලේය.