Spread the love

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ.ඩඩ්ලිව්. කණ්ඩම්බි මහතා පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. නමුත් මෙම පහසුකම ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා වලංගු නොවන බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය..