නිමල් රාජපක්ෂ
ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ අද දිනයේ (2026.01.08) පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
කටුබැද්ද NAITA ආයතනයේ මීට පෙර පැවති පූර්ව පරීක්ෂණයෙන් සමත්වූ අයදුම්කරුවන් 1169 දෙනෙකු මෙම අවසන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී තිබේ. ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්‍රයේ යටතේ ඇති Ceramic Tiling, Plastering Work, Gypsum හා Block Building යන රැකියා කාණ්ඩ 4ට අදාළව මෙම පරීක්ෂණ පැවැත්වූ අතර, ඊශ්‍රායල් ජාතික පරීක්ෂකවරුන් විසින් එම අවසන් පරීක්ෂණ අධීක්ෂණය කරන ලදී.
විභාග පරීක්ෂකවරුන් විසින් සුදුසු අයදුම්කරුවන් තෝරාගන්නා ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළහ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මෙම අවසන් ප්‍රායෝගික පරීක්ෂණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
