රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වුණා’ යයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඌවපරණගමදී පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
ඔහු එහිදී මෙසේද පැවසීය.
සහල් ප්‍රතිලාභය ජනතාවට ලබාදීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටට පත්වනවා. සහල් කිලෝ විස්සක් ලබාදීම සඳහා එක් අයෙක් වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් වැයකිරීමට සිදුවෙනවා. නමුත් ජීවත් වීමට අගහිගකම් ඇති ජනතාව වෙනුවෙන් මෙම ප්රතිලාභ ලබාදීම ප්‍රශංසනීයයි .
රට බංකොලොත් වී තිබු නිසා එදා රට භාරගන්න නායකයෙක් හිටියේ නැහැ. නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාර ගත්තා. මේ වන විට පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් වී තිබෙනවා. ආසනයට රටට වැඩක් කරන පුද්ගලයින්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් තිබෙනවා.
