ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල්, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට වෙන් කරයි.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යා මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව විසින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන්කර තිබූ රුපියල් මිලියන 6.5ක මුදල දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට යෙදවීමට තීරණය කළා. ඒ අනූව ඊට අදාල තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රැස්කරීමට ද තීර්ණය කෙරෙනි.
තවද ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන නව පනත කෙටුම්පත් කිරීම අවසන් බවත් ඉතා ඉක්මනින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සැලසුම් කර ඇති බවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු ද කඩිනමින් සිදු කරන බව එහිදී අනාව්‍රණය වුනා.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ආධාරක උපකරණ පහසු මිලට ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි ඒ සඳහා අයකරන බදු අවම කිරීම හෝ යම් කොටසක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මගින් දැරීම හෝ පිළිබඳව එහිදී සාකච්ඡාවට ගැනීන.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්ක්‍රමාරච්චි මහත්මිය ඇතුළු ජාතික සභාවේ සමාජිකයන් එම අවස්තාවට එක්වූ හ.
