නිමල් රාජපක්ෂ
සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 74 වන සංවත්සරයේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා සුරාබදු නිලධාරීන්ට දුෂිතයයි අකාරක්ෂමයි , යනුවෙන් කල ප්‍රකාශය යළි නිවරදි කරන්නැයි ඉල්ලමින් විධායක සභාව හෙට(21) පෙරවරුවේ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉ ල්ලීමක් කරන බවත් එසේ නොකල හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බවත් සුරාබදු වෘත්තිය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
සංවත්සරය පසුගිය 17 දින කොළඹදී පැවැති අතර එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා සුරාබදු නිලධාරීන්ගෙන් 20% 30% ක් අකාරක්ෂමතාවය සහ දුෂණය හේතුවෙන් නියමිත බදු ප්‍රමාණය රටට අහිමි ඇති බවත්,සභාව තුළ සිටින නිලධාරීන්ගෙන් 80% කට දුෂණයට හේතුවන කොටසකට පෙත්සම් ඇති බවත්,වෘත්තීය සමිති නිලධාරීන් කාගෙන් හෝ සල්ලි අරන් එම ක්‍රියාවල යෙදෙන බවත් ,රටේ කිිසිදු වෘත්තීය සමිතියක් නියමිත පරිදි ක්‍රියා නොකල හෙයින් රට මේ තත්ත්තවයට පත්වි ඇති බවත් ප්‍රකාශ කර තිබේ.
ඉතිහාසයේ විශාලම සුරාබදු ආදායම පසුගියදා වාර්තා කර ඇති බවත් එය ඉලක්කයට අනුව 107%වැඩි විමක් බවත් සුරාබදු කොමසාරිස් වරයා ප්‍රකාශ කළේය.
නමුත් සුරාබදු නිලධාරීන්ගෙන් වැඩි හරියක් දුෂිත යැයි කල ප්‍රකාශයට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා හෙට (21) උදෑසන හමුවී දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් එය නිවරදි නොකල හොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් නිරෝෂ් ජයකොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.
