Spread the love

තේ වගාව සඳහා යොදනු ලබන T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) දින තීරණය කරයි

ඒ අනුව දැනට වෙළඳපොළේ පවතින තේ පොහොර මිලට වඩා සියයට 50කින් අඩු වීමට නියමිතය. දැනට වෙළඳපොළේ ඉහත සඳහන් පොහොර වර්ග මිටියක මිල රුපියල් 13,000 ඉක්මවා තිබේ.

මේ අනුව T 750 සහ T 709 තේ පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත්, T 200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට ඇමතිවරයා උපදෙස් දුන්නේය.

මෙම පොහොර සහනය කුඩා හා මධ්‍යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබා දෙන අතර, මහ පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත සඳහන් සියලුම පොහොර වර්ග රුපියල් 9735ක මුදලකට ලබා දීමට ද තීරණය කරනු ලැබීය.