නිමල් රාජපක්ෂ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට නිසි කලට විශ්‍රාම වැටුප් නොලැබීමේ ගැටළුව විසදීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ උපදෙස් මත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ පරික්ෂයේදී පසුගියදා සාකච්ඡාවක් පවත්වන ලදී.
මේ වනවිට ලිපිගොනු විශාල ප්‍රමාණයක රාජකාරි කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් විශ්‍රාම ගත් සේවකයන් අපහසුවට පත්ව ඇති අතර කරුණු අධ්‍යනයකින් පසු හදුනාගත් හේතු වෙනුවෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයාගේ මගපෙන්වීම හා උපදෙස් ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වි තිබුනි.
පරිගනක දක්ත පද්ධිතියේ ගැටළු ඇතුලු පරිපාලන ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඊට අමතරව සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්වීමෙන් පසු සේවක අර්ථසාධක අරමුදල වෙනුවට රජයේ විශාම වැටුප ගනණය කිරීමේ දී ඇතිවූ ගැටළුද මෙහිදී අවධානයට යොමුවිය. ඊට අමතරව සේවයට බැදීමේදී ඇතැම් සේවයකයන් ව්‍යාජ සහතික ඉදිරිපත් කර තිබීම, ඌණ සුදුසුකම් ආදී ගැටළු ගනණාවක්ද මෙහිදී අවධානයට ලක්විය.
පරිපාලන ගැටළු විසදා ගැනීමත්, ගැටළු නොමැති ලිපිගොනු කඩිනම් කර ගැනීම සඳහා රාජකාරි විමධ්‍යගත කිරීමත් මෙහිදී යෝජනා වූ අතර ඒ වෙනුවෙන් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය නිලධාරි පුහුනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබා දීමටත් එකග විය.
ප්‍රශ්න ගත ව්‍යාජ සහතික ඉදිරිපත් කර දීර්ඝ කාලයක් සේවය කළ කණ්ඩායම පිළිබඳ තොරතුරු ලේඛනයක් සකස්කර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් කස්කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.
