Spread the love


නිමල් රාජපක්ෂ-
ඇහැළියගොඩ , පැල්මඩුල්ල ,කලවාන ,කුරුවිට ,කිරිඇල්ල හා රත්නපුර යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් හා මත්පැන් නිෂ්පාදනාගාර වටලා රුපියල් හතළස්පන් ලක්ෂයක් තිස්අටදහස් පන්සිය දොළහක් (4538512)වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 433 දෙනෙකු රත්නපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනවාරි මස 1 වැනිදා සිට ජුලි මස අවසානය වු ගතවු මාස හත තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් බව රත්නපුර සුරාබදු ස්ථානාධිපති සුනිල් පෙරේරා මහතා පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 74 ක්, කසිප්පු ලීටර්127මිලි ලීටර්200 ක්,ගෝඩා ලීටර් 966 ක් මීලි ලිටර් 250 ක්, බදු නොගෙවු බීඩි 23550 ක්, සිගරැට් පෙට්ටි 5 ක්, ගංජා, අයිස් හා හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම්ස් 600 ක්, මහ රා ලීටර් 6 මිලිග්‍රෑම් 750 ක්, කසිප්පු ලග තබාගත් සැකකරුවන් 337 ක්, මහ රා බලපත්‍ර නොමැතිව අලෙවියට තබා ගෙන සිටි සැකකරුවන් වටලා රා ලීටර් 6 මිලි ලීටර් 750 ක්, බලපත්‍ර නෙැමැතිව අලෙවියට තබාගෙන සිටි රජයේ අරක්කු හා බියර් ලීටර් 1මිලි ලීටර් 340 ක්, මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා දගර , ගෑස් ලිප් ,බැරල් ඇතුළු උපකරණ රැසක් සොයා ගත් බවද රත්නපුර සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.


මෙහිදි මත්පැන් නිෂ්පාදනය සදහා යොදාගත් උපකරණ වල වටිනාකම ලක්ෂ විසි එකක් වන බවද පැවසුවේය.

අත්අඩංගවට ගත් සැකකරුවන් පැල්මඩුල්ල , රත්නපුර , කලවාන යන මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කොට වරද පිලිගත් සැකකරුවන්හට රුපියල් 42 26512 දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
මීට අමතරව හෝටල් ආපනශාලා හා රටබීම හල්වල බලපත්‍ර කොන්දේසි උල්ලගනය කල ස්ථාන 44 කට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට අදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමාසාරිස් ජෙනරාල් වෙත හා සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත්කොට සමථ ගාස්තු වශයෙන් රුපියල් තුන්ලක්ෂ දෙලොස් දහකසක(3 12000/) සමථ ගාස්තුවක් අයකර ගෙන ඇත.

සබරගමුව සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත, රත්නපුර සුරාබදු අධිකාරී ඒ.ජී.එස්.කේ සෙනෙවිරත්න මහතාගේ අධික්ෂණය යටතේ , රත්නපුර සුරාබදු ස්ථානාධිපති සුනිල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ,පරික්ෂකවරුන්වන ඒ.ජේ.එම්.එම් .දේශප්‍රිය , අමිල සම්පත්, සැරයන් මේජර් කොතලාවල , සැරයන් වරුන්වන සමන්ත , වසන්ත දිසානායක, මද්දුහේවා ,කෝප්‍රල්වරුන්වන සංඛ පුර්ණ, සුපුන් දේවගේ, මාලක ප්‍රියදර්ශන හා නියාමක රියදුරු චින්තක යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.

විඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න