Spread the love

අගෝස්තු මස 3 වනදා සිට විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කළ කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශිකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතින අතර එලෙස එම බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බවය.

වීඩියෝව නරඹන්න