රට තුළ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ ගුණාත්මක තත්ත්වය තවදුරටත් පහළ අගයක පවතී.
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මන්නාරම, කොළඹ, ගාල්ල, යාපනය ප්‍රදේශවල මෙසේ වායු ගුණත්වය පහළ ගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් පෙනහළු ආශ්‍රිත රෝග හා හතිය වැනි රෝග පවතින පුද්ගලයන් එළිමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බවද ඔවුන් උපදෙස් දෙයි.
