නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 08 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්දහස් පන්සිය හැටක (1560) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, වලාන පොලිස් මධ්‍යම දූෂණ මර්දන ඒකකය හා එක්ව, කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ,සිදු කළහ
මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34ක් සහ 48ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතමය කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
