Spread the love

තවත් මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තම බහුතරය අහිමි වෙනු ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට සමගි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට 113ක බහුතර බලය අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවද පැවසු ඔහු ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි විශ්වාස කරන බවද කියා සිටියේය.

ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති අවස්ථාවක විශාල මුදලක් වියදම් කර රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද නෞකා යැවීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් අවසානයේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන මුදල්වල බර දැරීමට සිදුවන්නෙත් ලංකාවේ අහිංසක ජනතාවට බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මේ බව පැවසූ අතර දෙහිවල ආසනයේ ප්‍රධාන සංවිධායක චන්න විකුම් මහතාද එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේ ද පැවැසීය.