Spread the love


නිමල් රාජපක්ෂ –

නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස එම්.ජේ. ගුණසිරි මහතා අද (11)පෙරවරු 10.41 යෙදුණු සුභ මෙහොතින් සිය ධුරයේ රාජකාරී ඇරඹුවේය.
සුරාබදු දෙපාර්තුමේතුන්තුව ආර්ථිකය අතින් ඉතාමත් පහත් මට්ටමක තිබු කොරෝනා අවධියේ ඹහුගේ ධුරදර්ශිි නුවනින් දැඩි පරිශ්‍රමයක් යොදා ආදායම් උපද වමින් ඉතාමත් යපහත් තත්ත්වයට පත් කිරීමට සමත්විය . එවකට දුෂණය නාස්තිය නැති කොට ආදායම් උපදවා ගැනීමේ ක්‍රමෝපායවන් රාශියක් ක්‍රියාවට නැංවුයේය . ව්‍යාජ මත්පැන් ජාවාරමට තිත තබා ස්ටිකර් ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වුයේද එම්.ජේ ගුණසිරි මහතා යි. ස්ටිකර් ව්‍යාපෘතිය හදුන්වා දීමේදී සමහරක් නිලධාරීන් විරුද්ධ වුවත් නියම ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් ජනතාවට ලබා දීමටත් ඒ තුළින් රජයට නියමිත බදු ආදායම නිසියාකාරව ලැබීමටත් කටයුතු කළේය.රාජකාරි අවධියේදී සුරාබදු දෙපාර්තුමේන්තුවට තිබු විශාලතම අඩුපාඩුවක්වු ම්ත්පැන් රසායානාගාරයක්ද ඉදිකිරීමට පියවර ගත්තේය . නමුක් කුමක් හෝ අහේතුවකට ගුණිසිරි මහතාගේ සේවා කාලය වයස 60 සම්පුර්ණවීමත් සමගින් 2021 වසරේදී විශ්‍රාම ගියේය. නමුත් ඹහුට විශ්‍රාම සුවයෙන් සිටිමටද නොහැකි විය . ජනාධිපති කාර්යාලයට අනුයුක්ත වී රාජකාරි ඇරඹුවේය. එසේ සේවා කරමින් වසරක් ගත වෙද්දි සුරබදු දෙපාර්තුමේන්තුව යළිත් ආදායම් තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් හින වෙද්දි වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර දර්ශී නුවනින් මෙම ආයතනය ගොඩගතයුතු පුද්ගලයා සොයා යළිත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් ධුරයේ රාජකාරි සදහා එම් .ජේ ගුණසිරි මහතා පත්කළේය.