Spread the love


නිමල් රාජපක්ෂ-

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දිය හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


අදාල කර්මාන්ත කරුවන් සමග පැවැති සාකච්ජාවකින් පසු මෙසේ පැවසු ඇමතිවරයා දැනට සියලු කුකුළු ගොවිපොළවල උපරිම මට්ටමෙන් කුකුළන් සිටින බවත්, උත්සව සමයේ පමණක් නොව ඉන් අනතුරුව වුවත් රට තුළ කිසිදු අයුරකින් කුකුළු මස් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවත් පැවසුහ‍

එමෙන්ම දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක නිෂ්පාදනය සඳහා වැය වන මුදල සළකා බලා මස් කිලෝ ග්‍රෑම් රුපියල් 1150කට සැපයීමට අපේක්ෂා කරන බවත්, මෙම මිල ගණන් ඉදිරි කාලය තුළ තවදුරටත් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ පැවසූහ.