Spread the love

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක මේ වනවිට අඩි 02 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබිණ.

ඒ හේතුවෙන් තත්ත්පරයට ඝණ අඩි 2,640ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවතින අතර වාන් දොරටු විවෘත කිරීමත් සමගින් කලාවැව අවුකන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවි තිබිණ. මේ හේතුවෙන් ගමනා ගමනයට බාධා ඇතිවිය.

එබැවින් අවුකන – කලාවැව මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි