Spread the love

දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් දැරිය හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභපැතීමට පියවර ගන්නා ලදි.

සිව්දින සංචාරයක් සඳහා උතුරු පලාතේ සංචාරයක නිරත ජනාධිපතිතුමන් ඊයේ (04) දින යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීඹට සහභාගී වීමෙන් අනතුරුව යාපනයේ පෞද්ගලික හෝටලයකදී කිල්මිෂා උදයෂීලන් දැරිය හමු වී සුභපැතීම සිදුකරන ලදි.

ඒහිදී කිල්මිෂා දැරිය හමු ජනාධිපති තුමන් විසින් පවසා සිටියේ ඉන්දියාවේදී ලැබූ ජයග්‍රහනය ශ්‍රීලංකාවම ලැබූ ජයක් බවත් රටට මහත් කිර්තියක් ලබාදීම පිළිබඳව ප්‍රශංසා කොට අනාගත සංගීත ක්සේස්ත්‍රය වෙනුවෙන් ධෛර්යමත් කරන ලදි.

ඒමෙන්ම කිල්මිෂා දැරියට කොළඹට පැමිණ තමන් හමුවන ලෙසටද ඒහිදී ජනාධිපතිතුමන් විසින් ආරාධනා කල අතර පසුව කිල්මිෂා දැරිය පවසා ඇත්තේ ඉන්දියාවේ පැවත්වෙන රූපවාහින වැඩසටහන් අවස්ථාවකට සහභාගී වීම සඳහා ඉන්දියාවට යාමට සිදුව ඇති හෙයන් ඉන්දීය සංචාරයෙන් පසුව ජනාධිපතිතුමන් හමුවීමට පැමිණෙන බවටය.

මෙම අවස්ථාවට කිල්මිෂා උදයසීලන් දැරියගේ දෙමව්පියන් මෙන්ම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.