Spread the love

කිලෝ පනහක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150-350 අතර මුදලකින් ඉහළ දමා තිබේ.

සිමෙන්ති නිෂ්පාදන සමාගම් සඳහන් කරන්නේ භාණ්ඩ හා සේවා බද්ධ ඉහළ දැමීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඒ අනුව ඇතැම් සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2300 දක්වාත් ඇතැම් සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2450 දක්වාත් ඉහළ දමා තිබේ.