ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු පිවිස අරගල කාලය අතරතු ඉන් ඉවත්ව විපක්ෂයට එන්වූ නිදහස ජනතා සභාවේ මන්ත්රී කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් ජාතික ජන බලවේගය සමඟ එක්වීමට උත්සාහයක් දරමින් සිටින බව වාර්තාවෙයි.
ඊට අදාළ සාකච්ඡාවන් කිහිපයක් ජාතික ජන බලවේගයේ නායකයන් සමඟ රහසිගත මට්ටමින් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
ඩලස් අලහප්පෙරුම මහතාට අමතරව නිදහස ජනතා සභාව නියෝජනය කරන චරිත හේරත් හා ගුණපාල රතනසේකර යන මන්ත්රීවරුන්ද මෙම උත්සාහයේ නිරත වන බවද එම ආරංචි මාර්ග කියා සිටී.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම ජනතා ජාතික ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශවයෙන් අකමැත්ත පලව ඇතත් ජාතික ජන බලවේග පාර්ශවය ඊට අකමැත්තක් පලකර නැති බවද වාර්තා වෙයි.
මේ වන විටත් නිදහස ජනතා සභාවේ කණ්ඩායමක් සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන අතර ඩලස් අලහප්පෙරුම මහතා මහතා එම පක්ෂයට එක්වීමට පවත්වන ලද සාකච්ඡා බිඳ වැටුණේ තනතුරු සම්බන්ධ ප්රශ්නයක් නිසා යයිද වාර්තා විය.
